Monday, April 7, 2014

රුසියාවේ ශක්තිය - R. D. 180

යුක්රේනය රුසියාවටත්, ඇමෙරිකාවටත්, ලෝකයටත් හිසරදයක් වී ඇති බව පෙනේ. ඒ යුක්රේනයේ යානුකොවිච් පාලනය පෙරළා දැමීමත් සමග ඇති වු තත්වයකි. එය ලෝකයේ සමාජවාදයට බර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට එරෙහි ඇමරිකාවේ කුමන්ත්‍රණවල එක් ප්‍රතිඵලකි. නමුත් ක්‍රිමියාව, රුසියාවට එකතුවීමත් සමග ඇමරිකාව නොසිතූ ගැටලුවකට මුහුණ දීමට සිදුවේද? 

ආර්.ඩී. 180 රුසියාවේ සුපිරිම නිමැයුමකි.ලොකයේ ඉදිරි අභ්‍යාවකාශ අනාගතය සරු කරවීමට අවශ්‍යවන ටොන් ගණනක් බර රොකට්ටු ඔසවන්නේ මෙම එන්ජිම මගිනි. මෙය රුසියාව සතු අද්විතීය තාක්ෂණික ඥාණය විදහා දක්වන එක් නිෂ්පාදනයක් පමණි.
යුක්රේන අර්බුදය සමග දෙරට අතර අර්බුදකාරී තත්වයක් දී රුසියාව  ආර්.ඩී. 180 ඇමරීකාවට ලබාදීම නතරකලහෝත් අප කිසිසේත් නොසිතන දෙයක් ඇමරිකාවට සිදුවේ. එනම් මේවැනි රොකට් එන්ජිමක් ඇමරිකාවට නිපදවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් හා අවුරුදු 5ක කාලයක් ගතවීමයි. එමගින් ආර්.ඩී. 180 හි වටිනාකම ඔබට සිතාගත හැකි වනු ඇත.
කැරොසීන් මිශ්‍ර ද්‍රව ඔක්සිජන් ඉතා අධික පීඩනයක් යටතේ පහලට විද දවා හැරීමෙන් ලබාගන්නා ශක්තිය ආධාරයෙන් රොකට්ටුව ඉතා සමබරව ඉහලට එසවීම මෙම එන්ජිමේ සුවිශේෂත්වයයි.

- රණතුංග