Thursday, August 10, 2023

රුසියානු සාහිත්‍යයට එක්වූ බුද්ධ චරිතය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනායක හිමිපාණන් වහන්සේ විසින් විරචිත ‘ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය’ කෘතිය රුසියානු භාෂාවට පරිවර්තනය කර ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

භූගෝලීය වශයෙන් ආසියාවට ඇති සමීපත්වය නිසා මීට සියවස් පහකට අධික කාලයකට පෙර චීනය සහ මොන්ගෝලියාව ඔස්සේ රුසියාවට පැමිණි බුදුසමය මහායානික ‘ගෙලුග්පා’ නිකායට අයත් වෙයි. දකුණු දිග බුදුසමය ලෙස යුරෝපයේ හැඳින්වෙන හීනයානික බුදුසමය පිළිබඳ උනන්දුව රුසියාවෙහි ඇතිවනුයේ 19 වන සියවසේ අවසාන කාර්තුවේ ආරම්භයේ දී ය. හීනයානික බුදුසමය කෙරේ ඇලුම් ඇති, ඒ පිළිවෙත් පිළිපදින බෞද්ධ පිරිස් සැලකිය යුතු ප්‍රමාණයක් වර්තමානයේ රුසියාවේ ද සිටිති.

එපමණක් නොව, සමහර රුසියානු ජාතිකයෝ ශ්‍රී ලංකාවේ ද, තායිලන්තයේ ද ආදී වශයෙන් පැවිදිව සාමනේර සහ භික්ෂු ජීවිත ගත කරමින් සිටිති. ඒ අතර සුචිත්තා භික්ෂුණිය නමින් පැවිදිව මේ වනවිට තායිලන්තයේ අයුත්ථයා හි වැඩවාසය කරන ‘දාර්යා මිහීයෙවා’ නමැති ගිහි නම් දැරූ රුසියානු යුවතිය ආචාර්ය වික්ටෝරියා උස්තෙන්කො මෙනෙවිය සමඟ එකතුව බළන්ගොඩ ආනන්ද මෛත්‍රය යතිවරයාණන් වහන්සේ විසින් විරචිත ‘බුද්ධ චරිතය’ කෘතිය (බුද්ධ ගෝතම) නමින් රුසියානු භාෂාවට පරිවර්තනය කර, පසුගියදා රුසියාවේ මොස්කව් නුවර ‘ගංගා’ නම් ප්‍රකාශනායතනය ලවා පිටපත් දහසකින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

2013 දී අටසිල් සමාදම් වූ රුසියාවේ දාර්යා මිහීයෙවා මෙනෙවිය ඉනික්බිති ‘සුචිත්තා’ නමින් සාමනේර භික්ෂුණියක ලෙස ශාසනයට ඇතුළත්ව සත් වසක් ගතවීමෙන් ඉක්බිති 2022 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකාවේ ගොරකානේ පිහිටි ‘සාක්‍යධිතා පුහුණු හා භාවනා මධ්‍යස්ථානයේ දී’ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. රුසියාවේ සුචිත්තා භික්ෂුණිය රුසියාවේදී ථෙරවාද බුදුසමය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා අධි සාමාර්ථයක් ලබා සමත් වී සිටිති. පාලි භාෂාව පිළිබඳ පරිචයක් ද, සංස්කෘත භාෂාව පිළිබඳ දැනුමක් ද තිබෙන මෙම භික්ෂුණිය මේ වනවිට තායිලන්තයේ අයුත්ථයාහි බුද්ධදාස හිමියන් යටතේ ආනාපානසති භාවනාව ප්‍රගුණ කරමින් සිටිති. එතුමිය මෙම කෘතිය පර්වර්තනයෙ හි නිරත වූවෝ, ඉන්දියාවේ බුද්ධගයාවේ සහ සාරානාථයේත්, තායිලන්තයේත් පූජ්‍ය ස්ථාන වන්දනාවෙහි නිරත වෙමිනි.

මෙහි දෙවන පරිවර්තිකාව මෙන් ම, මෙම කෘතියේ සංස්කාරිකාව ලෙස ද කටයුතු කර ඇති වික්ටෝරියා උස්තෙන්කො, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන අතර, මොස්කව් රාජ්‍ය සේවා සහ පරිපාලන අධ්‍යයනායතනයේ, රාජ්‍ය ආර්ථික කළමනාකරණ අධ්‍යයනාංශයේ සහාය මහාචාර්යවරිය ලෙස කටයුතු කරන්නී ය. බෞද්ධ සැදැහැවතියක වන ඇය අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනාහිමිපාණන් වහන්සේගේ අනුගාමිකාවක වන අතර, උන්වහන්සේගේ උපදේශකත්වයෙන් බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනායක හිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත්තී ය. ඇය හා සම්බන්ධ සැදැහැවත් පිරිස විසින් මීට පෙරදී ‘බුදුන්වහන්සේගේ මුල් ඉගැන්වීම: භාවනා මාර්ගය’, ‘ධර්මය නිරාවරණය කරමින්’, ‘නිවන් මග: දේශනා-ලිපි-ලියමන්’ නමින් බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනා සහ ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාව ඔස්සේ රුසියානු බසට පරිවර්තනය කරන ලදුව එළිදක්වා තිබේ. ඇය මෙම කෘතියේ රුසියානු පරිවර්තනයේ සංස්කරණය නිමා කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරස්ථානයේ භාවනානුයෝගීව ගත කරමින් සිටියදී මීට වසරකට පෙර දී ය.

‘බුද්ධ චරිතය’ කෘතිය පිළිබඳ කලෙක සිට අවබෝධයෙන් සිටි මෙම පිරිස විසින් එය කෙළින්ම සිංහල භාෂාවෙන් ම රුසියානු භාෂාවට පරිවර්තනය කරවා ගැනීම පිණිස සිංහල-රුසියානු පරිවර්තකයකු සොයමින් සිටිය හ. එවැන්නකු හමු නොවීමෙන් සිත්තැවුලෙන් සිටිය දී ඔවුනට එහි ඉංග්‍රීසි පරිවර්තනය හමුවීම නිසා රුසියානු පරිවර්තනය එළිදැක්වීමේ ක්‍රියාවලිය කඩිනම් වී ය. මෙම කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් නොවිණි නම්, බොහෝ විට මෙහි රුසියානු පරිවර්තනයක් සිදු නොවිය හැකිව තිබිණ. සුචිත්තා භික්ෂුණිය සහ ආචාර්ය උස්තෙන්කො විසින් සිංහල බසින් විරචිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ ‘බුද්ධ චරිතය’ කෘතිය රුසියානු භාෂාවට නගනුයේ එකී ඉංග්‍රීසි පරිවර්තනය පදනම් කරගෙන ය.

එහි සිංහල මුල් කෘතිය සම්පූර්ණ වශයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබ තිබුණේ කලාකීර්ති, ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ අධිනීතිඥතුමන් විසිනි. ඉංග්‍රීසියට පරිවර්තිත හොඳම ශාස්ත්‍රීය කෘතියට හිමි රාජ්‍ය සම්මානය 2018 දී හිමිවූ එම පරිවර්තනය නිසා දැන් මෙම කෘතිය ලෝක සාහිත්‍යයේ දායාදයක් බවට පත්ව තිබේ.

ඓතිහාසිකව වැඩවාසය කළ ගෞතම බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳ ලොව නන් දෙසින් සොයා ගැනුණු මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක සාධක මත පදනම්ව කරන විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත් බවත්, සම්භාව්‍ය ගණයට ඇතුළත් කළ හැකි මෙම කෘතිය සම්පාදනය සඳහා පදනම් කරගත් සුවිශාල තොරතුරු සම්භාරය ආයාසයෙන් අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමානුකූලව පෙළගැස්වීමට කතු හිමියන් විශිෂ්ට අන්දමින් සමත්ව තිබෙන බවත්, ථෙරවාද පාලි පෙළ ද, අටුවා සහ ටීකා ද, ටිබ්බත සහ චීන භාෂිත මහායාන මූලාශ්‍ර ද අධ්‍යයනය කරමින් සහ නොයෙක් රටවලින් සොයා ගැනුණු පුරාවිද්‍යාත්මක දත්ත පෞද්ගලිකව පරීක්ෂාවට ලක් කරමින් මෙම කෘතිය රචනා කර තිබෙන බවත්, මෙම කෘතිය බුද්ධ චරිතය අධ්‍යයනයෙහිලා භාවිත කළ හැකි විශිෂ්ට ශාස්ත්‍රීය ලේඛනයක් බවත් මෙහි රුසියානු හැඳින්වීමෙහිලා සඳහන් කර තිබේ.

මෙම කෘතිය ඉංග්‍රීසි භාෂාවට පෙරලූ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ අධිනීතිඥතුමා වෙත මෙන්ම, ඉංග්‍රීසි කෘතිය ප්‍රකාශයට පත් කළ ආරියදාස වීරමන් මහත්මාගේ අධිපතිත්වය යටතේ පවතින ‘සමයවර්ධන සමාගම’ වෙතත්, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක ස්ථවිරපාදයන් අනුව යමින් විශේෂ කෘතඥතාවක් රුසියානු කෘතියේ ද පළකර තිබේ. ඝන බැම්ම යොදා සුදාධවල වර්ණයෙන් නිර්මිත කඤ්චුකයෙන් හෙබි (බුද්ධ ගෝතම) රුසියානු කෘතිය ඒ 5 ප්‍රමාණයේ පිටු 545ක සුවිශාල ග්‍රන්ථයකි. මෙවන් අතිඋතුම් සද්කාර්යයක් සිදුකරමින් ගෞතම ශ්‍රී සම්බුදු රාජාණන්වහන්සේගේ සම්බුදු චරිතය දේශ දේශාන්තර වෙත ගෙන යෑම සඳහා මූලික වූ, ඒ සඳහා වෙහෙස වූ ගිහි පැවිදි සියලුදෙනා සකල ලෝකවාසී බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වේ.

● රන්ජන දේවමිත්‍ර සේනාසිංහ සංස්කරණය – රුවන් ජයවර්ධන
2023-08-10 දිවයින පුවත්පත ඇසුරිනි.

Wednesday, October 16, 2019

Isn't Venivel Powerfull Medicine?

Venivel is very ancient medicine we have used from the past. But now a days we not tend to use those medicines except commercially developed products. Are those product able to give you the effective results for your needs?
                                       
                                                               (picture from https://www.samahantee.de)
Venivel is very effective medicine to human immune system. It help us to keep our immune level high. As a Srilankan from the childhood we drink boiled Venivel water once a month or some times when we feel tired end of the hard working day. Next morning we had no body pain or other problems. Boiled Venivel water is bit difficult to drink because of bitterness.

If you get wounded or skin scratch due to rusted steel or other sharp edgers you can drink this boiled Venivel water without injecting tetanus toxoid. Our elders new it in pratice. New young generation avoid those medicines always pretend on western medicines. 

Dengue is a dangerous decease spread over many countries at present. Sri lankans are also suffer due to dengue virus. I think we can stop decreasing immune of human body with Venivel water and then can overcome from dengue virus.(That means boiled Venivel Water is not a medicine for dengue effected people but it will help us to prevent from dengue virus)

Thank You,
Ranathunga.

Tuesday, October 15, 2019

ගැස්ට්‍රයිටීස්වලන් ඔබත් පීඩා විඳින්නේද?

ගැස්ට්‍රයිටීස් එසේත් නැතිනම් ගෑස්ටික් හේතුවෙන් පීඩා විදින අයෙක් විය හැකිය. නොඑසේ නම් ගැස්ට්‍රයිටීස් පිළිබඳ නොදන්නාකම හේතුවෙන් වෙනත් රෝග ලක්ෂණයක් නිසා පීඩා විදිනවා විය හැකිය. මෙම ලිපියෙන් මා පවසන්නේ මා හට මෙම රෝගය වැලදීතිබූ ආකාරයත් එම පීඩාව දුරු කරගත් ආකාරයයි. එය ඔබ හට යම් ආකාරයකින් පිළිසරණක් වේයැයි මා සිතමි.

2008 වර්ෂයේ මා සේවය කලේ දැඩි මානසික පීඩනයක් යටතේ පෞද්ගලික ආයතනයකය. (ඒ කෙතරම්ද යත් බිරියගේ පළමු දරුප්‍රසූතියෙන් පසු මා සේවයේ නියුතුව සිටින අතර දරුවා හදිසි රෝහල්ගත කිරීමකදී මා රෝහලවෙත යෑම දුරකථන මාර්ග විශ්ලේෂණයෙන් බලා ඒ මොහොතේම මා ප්‍රශ්න කිරීමකට ලක් කලේය.)
2010 පමණ මාගේ උගුර ආශ්‍රිතව දැවිල්ලක් ඇති විය. එය රාත්‍රීකාලයේ දැඩි අපහසුතාවයකින් මා පෙලීය.

කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශය වෙත යොමුවූ මා පරීක්ෂාකල වෛද්‍යවරුන් උගුර පරීක්ෂාකර ගැස්ට්‍රයිටිීස් හේතුවෙන් උගුර තුවාල වී ඇති බව පවසා ඹෂධ ලබා දුනි.වෛද්‍යවරුන් පැවසූයේ නිසි වේලාවට ආහාර ගැනීම හා පිටි රහිත ආහාර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. මාස ගණනාවක් ඒ අයුරින් ප්‍රතිකාර ලබා ගත්තද කිසිදු සුවයක් නොවීය.

අනතුරුව මිතුරකුගේ තොරතුරකට අනුව හෝමියෝපති ප්‍රතිකාර ලබාගත්තේ පාදුක්ක සිමිකියෝපති රෝහලෙනි. එයින් මාගේ විශාල ලෙස දුරුවී ගිය අතර මළපහ පිටකිරීම ක්‍රමවත්ව සිදුවීමෙන් මහත් පහසුවක් දැනුනි. මාස කිහිපයක් එම ආකාරයෙන් ප්‍රතිකාර ලබාගත් අතර ක්‍රමයෙන් රෝගී තත්වය පහල ගියද ඹෂධ ලබාගැනීම නැවැත්වූ පසුව නැවත තත්වය උත්සන්න විය. හෝමියෝපති  ඹෂධ  මිල අධික වූ බැවින් දිගින් දිගටම ප්‍රථිකාර ගැනීමද ගැටළුකාරී විය. අනතුරුව එය නවතා දැමීමි.

මේ වන විට මා දැඩිව අපහසුතාවයට පත්වූයේ බඩ පුරවා දැමීමෙනි. උගුරේ වේදනාව පහවගොස් තිබුණි. දිවා කාලයේ ආහාර ගැනීමෙන් පසුව මා දැඩි වෙහෙසට පත් විමි. සමහර අවස්ථාවන්හිදී හිසරදය වමනයද පැමිණි අතර කලාත්තය ද ඇතිවිය. මළපහ පිටවීම ඉතා සිහින් ආකාරයෙන් සිදුවූ අතර මළපහ පිටවීම ප්‍රමාණවත් නොවේ යන්න නිතරම දැනිනි.

දිනක් මා හට මිතුරකුගෙන් දැනගැනීමට ලැබුනේ ත්‍රිපලා පෙති ඒ සඳහා යෝග්‍ර බවයි. ඒ අනුව ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යටතේ එන ත්‍රිපලා පෙති 02ක් දිනපතා රත්‍රී ආහාරයට පෙර ගතිමි. ඉන් පසු ක්‍රමයෙන් තත්වය පාලනයට ලක්වූ අතර සම්පූරණ සුවය බලාපොරොත්තු නොහැකි විය. අනතුරුව බිරිඳගේ අසනීපයක් සඳහා සිංහල  වෛද්‍යවරයකු හමුවීමට මා හෝමාගමට ගියෙමි.එහිදී මගේ රෝගී තත්වයද ඔහු පරීක්ෂාකර බලා ඔහු පැවසුවේ මාගේ ගැස්ට්‍රයිටීස් රෝගී තත්වය තවමත් සුව වී නොමැති බවය. ඒ අනුව ඔහු ලබාදුන් ඹෂධ කිහිපයක් ලබාදුන්නේ රුපියල් 700.00ක් වැනි මුදලකට සති 2කට සෑහෙන ප්‍රමාණයකි. සති දෙක අවසානයේ මාහට හිමිවූ සහනය වචනයෙන් විස්තරකල නොහැකිය. මම ඔහුට සෑම විටම පින් ලබාදෙන්නේ මා විඳි දුක් සියල්ල ඔහු නිමාකරදුන් බැවිනි.

හෝමාගම උසාවිය පාරේ ඇති මෙත්සුව ඹෂධාලය එම ස්ථානයයි. ඔබද මා මෙන් පීඩා විදින්නෙක් නම් එම වෛද්‍යවරයා හමුවී සැනසුම ලබාගන්න.
 මෙය හුදෙක් වෙළඳ ප්‍රචාරයක් නොව මගේ සිතේ ඇති සතුට හේතුවෙන් සිදුකල පලකිරීමකි.



Monday, April 7, 2014

රුසියාවේ ශක්තිය - R. D. 180

යුක්රේනය රුසියාවටත්, ඇමෙරිකාවටත්, ලෝකයටත් හිසරදයක් වී ඇති බව පෙනේ. ඒ යුක්රේනයේ යානුකොවිච් පාලනය පෙරළා දැමීමත් සමග ඇති වු තත්වයකි. එය ලෝකයේ සමාජවාදයට බර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට එරෙහි ඇමරිකාවේ කුමන්ත්‍රණවල එක් ප්‍රතිඵලකි. නමුත් ක්‍රිමියාව, රුසියාවට එකතුවීමත් සමග ඇමරිකාව නොසිතූ ගැටලුවකට මුහුණ දීමට සිදුවේද? 

ආර්.ඩී. 180 රුසියාවේ සුපිරිම නිමැයුමකි.ලොකයේ ඉදිරි අභ්‍යාවකාශ අනාගතය සරු කරවීමට අවශ්‍යවන ටොන් ගණනක් බර රොකට්ටු ඔසවන්නේ මෙම එන්ජිම මගිනි. මෙය රුසියාව සතු අද්විතීය තාක්ෂණික ඥාණය විදහා දක්වන එක් නිෂ්පාදනයක් පමණි.
යුක්රේන අර්බුදය සමග දෙරට අතර අර්බුදකාරී තත්වයක් දී රුසියාව  ආර්.ඩී. 180 ඇමරීකාවට ලබාදීම නතරකලහෝත් අප කිසිසේත් නොසිතන දෙයක් ඇමරිකාවට සිදුවේ. එනම් මේවැනි රොකට් එන්ජිමක් ඇමරිකාවට නිපදවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් හා අවුරුදු 5ක කාලයක් ගතවීමයි. එමගින් ආර්.ඩී. 180 හි වටිනාකම ඔබට සිතාගත හැකි වනු ඇත.
කැරොසීන් මිශ්‍ර ද්‍රව ඔක්සිජන් ඉතා අධික පීඩනයක් යටතේ පහලට විද දවා හැරීමෙන් ලබාගන්නා ශක්තිය ආධාරයෙන් රොකට්ටුව ඉතා සමබරව ඉහලට එසවීම මෙම එන්ජිමේ සුවිශේෂත්වයයි.

- රණතුංග







Saturday, January 25, 2014

විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය


පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.

ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා.

සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌.

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා.

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා.

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි.

සමන් කළුආරච්චි



ඉරිදා දිවයින 26-01-2014
 

Saturday, January 18, 2014

අපිට අපේ දේ නොවටින්නේ ඇයි ?

      මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි යන ගීතය ඇසෙන විට අපගේ රට ජාතිය පිලිබද සිතට දැනෙන හැගීම කුමක්ද? එය මම නොපසෙමි. මන්ද මට  එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි වීමයි. නමුත් මාගේ සිත තුල යම් දුකක් පැල පදියම් වී ඇත. මීට හේතුව බොහෝ පිරිස් දේශීය දේ අමතක කිරීමයි.
         විවෘත ආර්ථිකයත් සමග අපේ රටේ මිනිසුන් අපට අවශ්‍ය දේට වඩා අවශ්‍ය නොවන දේට වඩාත් සමීප විය. ඒ හේතුවෙන් ඇති වු අයහපත් බලපෑම් රාශියකි. එයින් වඩාත් බලපෑම් ඇති කල එක් ක්ෂේත්‍රයක් වනුයේ අපටගේ දේශීය අහාර රටාවයි. අප අපගේ දේශීය අහාර රටාව වෙනස් කර ගැනීමයි. ලේසි පහසුවෙන් වැඩ කරගැනීමට ගොස් අමාරුවේ වැටුනේ අපිමය.
     අපේ කිරිඅම්මා හදපු පොල් සම්බෝලයේ රසට සම්බෝලයක් හදාගන්නට මම කොපමන උත්සහ කලද එය කල නොහැකි විය. ඇය සිදුකල කියාවන් දෙකක් මට කිරීමට මට නොහැක. වියලි මිරිස් ලිපට දමා අගුරු මත පුච්චා ගැනීමට දර ලිපක් සහ මිරිස් ඇඹරීමට ගලක් අපේ ගෙදර අද නැත. ඒ වෙනුවට ඇත්තේ ගෑස් ලිපක් හා බ්ලෙන්ඩරයකි. එසේම ඇය බත් මුට්ටිය ලිපෙන් බාගෙන පොල්කොල වට්ටිය මත බත තුනී කර නිමෙන්නට තබයි. එයද අප සිදුකරන්නේ නැත. එසේම වී තම්බා කොටා ගෙන සහල් ලබා ගන්නේ ද ඉතා සුලු පිරිසකි. වී තම්බා ගැනීමෙන් පසු කෙටීමේදී පොත්ත සමග ඉවත වන පෝෂණයෙන් උසස් සංඝටක සහල් ඇටයට බැද ගැනීම සිදුවන බව අසා ඇත්තෙමි.මෙවැනි තවත් බොහෝ දේ අප විසින් අත්හැර දමා ඇත. 
         බන්ඩිය චන්ඩි කර ගැනීමටත්, ඕකේ වෙන්නත්, විනාඩි දෙකෙන් කෑම රෙඩි කරගන්නත්, පුතා අම්මාගේ හපනා කරගන්නත් ඇත්තේ පුදුම උන්නදුවකි.  පුතාලා දුවලාටත් වඩා උනන්දුවන්නේ අම්මලාය. මෙවැනි අම්මලා ඉන්නකම් අපේ රටේ මිනිසුන්ට වස විකුණන වෙළද සමාගම් සහ බිස්නස් කරන දොස්තරලා  ගොඩය. මහජනතාවට හැමදාම රොහල්වල පිහිටය. දිනෙන් දින පිලිකා රෝගය ඉහල යයි. කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග ඉහල යයි. අප තවත් මේ පිලිබද උනන්දු නොවන්නේ මන්ද? අපේ දේ දෙස නොබලා පිට රටින් එන දේ ගැන බලා සිටින්නේ මන්ද?
තිබ්බොටු, තලන බටු, කැකිරි, රටල, පොළොස්, කොස්, නෙලුම් අල, කෙසෙල් මුව, වැව් මාලු මෙන්ම කොල මැල්ලුම් අද අප ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙනි. ප්‍රධන වශයෙන්ම ඇත්තේ සකසා ගැනීමට ඇති කම්මැලි කමයි. ඒ වෙනුවට ජාන වර්ධිත සමබර නොවන මතු පිටින් අලංකාර ආහාර අද අප අනුභව කරමු. මෙවැනි අනර්ඝ ආහාර අප බත් පතෙන් ඉවත් කරන්නේ ඇයි? ආහාර ගැනීමේ අරමණ අපගේ කුසගිනි නිවීම පමණක් නොවේ. ඖෂධ ලෙසද මේවා අප ශරීරයට ඉතා වැදගත්වේ. 
                මෙහිදී අප රටේ වැඩි දෙනෙක් පරිබොජනය කරන කිරිපිටි ගැන යමක් කිව යුතුමය. අප බීමට ගන්නා රටින් ගෙන්වන කිරිපිටි බොහෝමයක්  සිංගප්පූරුවේදී චීනයේ මිලෙන් අඩු පිටි සහ නවසීලන්තය හා ඕස්ටේලියාවේ උසස් පිටි සමග මිශ්‍ර කිරීම සිදුකරයි. එසේ නොකර ඒවා විකිනීම සමාගම්වලට ලාභ නොලැබීයාමට ට හේතුවේ. එබැවින් දේශීයව නිපදවන කිරි පිටි හෝ දියර කිරි පරිබොජනය නීරෝගී බව සදහා ඉතා වැදගත් බව ද සදහන් කල යුතු වේ.

Sunday, November 17, 2013

Old Sewing Machine (පරණ මහන මැෂිම)


This is very old sewing machine. I saw it from antique shop in Kaduwela, Sri Lanka.

මහන මැෂින් දැක්කට මෙහෙම එකක් දැකල තියනවද? මෙකත් ඒ කාලේ හොන්දට වැඩ ගත්තු එකක් වෙන්න ඇති, හැබැයි දැන්නම් පැන්ෂන්.මේක යකඩ වලට නොවික්කට පින්. නොදැක්ක අයටත් පෙන්නන්න. මම දැක්කේ කඩුවෙල මගෙ යාළුවෙක්ගෙ ඇන්ටික් බඩු කඩේකින්.