Saturday, January 18, 2014

අපිට අපේ දේ නොවටින්නේ ඇයි ?

      මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි යන ගීතය ඇසෙන විට අපගේ රට ජාතිය පිලිබද සිතට දැනෙන හැගීම කුමක්ද? එය මම නොපසෙමි. මන්ද මට  එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි වීමයි. නමුත් මාගේ සිත තුල යම් දුකක් පැල පදියම් වී ඇත. මීට හේතුව බොහෝ පිරිස් දේශීය දේ අමතක කිරීමයි.
         විවෘත ආර්ථිකයත් සමග අපේ රටේ මිනිසුන් අපට අවශ්‍ය දේට වඩා අවශ්‍ය නොවන දේට වඩාත් සමීප විය. ඒ හේතුවෙන් ඇති වු අයහපත් බලපෑම් රාශියකි. එයින් වඩාත් බලපෑම් ඇති කල එක් ක්ෂේත්‍රයක් වනුයේ අපටගේ දේශීය අහාර රටාවයි. අප අපගේ දේශීය අහාර රටාව වෙනස් කර ගැනීමයි. ලේසි පහසුවෙන් වැඩ කරගැනීමට ගොස් අමාරුවේ වැටුනේ අපිමය.
     අපේ කිරිඅම්මා හදපු පොල් සම්බෝලයේ රසට සම්බෝලයක් හදාගන්නට මම කොපමන උත්සහ කලද එය කල නොහැකි විය. ඇය සිදුකල කියාවන් දෙකක් මට කිරීමට මට නොහැක. වියලි මිරිස් ලිපට දමා අගුරු මත පුච්චා ගැනීමට දර ලිපක් සහ මිරිස් ඇඹරීමට ගලක් අපේ ගෙදර අද නැත. ඒ වෙනුවට ඇත්තේ ගෑස් ලිපක් හා බ්ලෙන්ඩරයකි. එසේම ඇය බත් මුට්ටිය ලිපෙන් බාගෙන පොල්කොල වට්ටිය මත බත තුනී කර නිමෙන්නට තබයි. එයද අප සිදුකරන්නේ නැත. එසේම වී තම්බා කොටා ගෙන සහල් ලබා ගන්නේ ද ඉතා සුලු පිරිසකි. වී තම්බා ගැනීමෙන් පසු කෙටීමේදී පොත්ත සමග ඉවත වන පෝෂණයෙන් උසස් සංඝටක සහල් ඇටයට බැද ගැනීම සිදුවන බව අසා ඇත්තෙමි.මෙවැනි තවත් බොහෝ දේ අප විසින් අත්හැර දමා ඇත. 
         බන්ඩිය චන්ඩි කර ගැනීමටත්, ඕකේ වෙන්නත්, විනාඩි දෙකෙන් කෑම රෙඩි කරගන්නත්, පුතා අම්මාගේ හපනා කරගන්නත් ඇත්තේ පුදුම උන්නදුවකි.  පුතාලා දුවලාටත් වඩා උනන්දුවන්නේ අම්මලාය. මෙවැනි අම්මලා ඉන්නකම් අපේ රටේ මිනිසුන්ට වස විකුණන වෙළද සමාගම් සහ බිස්නස් කරන දොස්තරලා  ගොඩය. මහජනතාවට හැමදාම රොහල්වල පිහිටය. දිනෙන් දින පිලිකා රෝගය ඉහල යයි. කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග ඉහල යයි. අප තවත් මේ පිලිබද උනන්දු නොවන්නේ මන්ද? අපේ දේ දෙස නොබලා පිට රටින් එන දේ ගැන බලා සිටින්නේ මන්ද?
තිබ්බොටු, තලන බටු, කැකිරි, රටල, පොළොස්, කොස්, නෙලුම් අල, කෙසෙල් මුව, වැව් මාලු මෙන්ම කොල මැල්ලුම් අද අප ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙනි. ප්‍රධන වශයෙන්ම ඇත්තේ සකසා ගැනීමට ඇති කම්මැලි කමයි. ඒ වෙනුවට ජාන වර්ධිත සමබර නොවන මතු පිටින් අලංකාර ආහාර අද අප අනුභව කරමු. මෙවැනි අනර්ඝ ආහාර අප බත් පතෙන් ඉවත් කරන්නේ ඇයි? ආහාර ගැනීමේ අරමණ අපගේ කුසගිනි නිවීම පමණක් නොවේ. ඖෂධ ලෙසද මේවා අප ශරීරයට ඉතා වැදගත්වේ. 
                මෙහිදී අප රටේ වැඩි දෙනෙක් පරිබොජනය කරන කිරිපිටි ගැන යමක් කිව යුතුමය. අප බීමට ගන්නා රටින් ගෙන්වන කිරිපිටි බොහෝමයක්  සිංගප්පූරුවේදී චීනයේ මිලෙන් අඩු පිටි සහ නවසීලන්තය හා ඕස්ටේලියාවේ උසස් පිටි සමග මිශ්‍ර කිරීම සිදුකරයි. එසේ නොකර ඒවා විකිනීම සමාගම්වලට ලාභ නොලැබීයාමට ට හේතුවේ. එබැවින් දේශීයව නිපදවන කිරි පිටි හෝ දියර කිරි පරිබොජනය නීරෝගී බව සදහා ඉතා වැදගත් බව ද සදහන් කල යුතු වේ.

No comments:

Post a Comment