Saturday, November 16, 2013

අර්ශස්වලින් ඔබත් දුක් විදිනවාද?

ආරෝග්‍යා පරමාලාභා, බුදුන් වහන්සේ දේශනා කලේ නිරෝගිකම උතුමිම සැපත බවයි. නමුත් අප සියලුදෙනාම කුමන හෝ රෝගයකින් පීඩා විදින්නෙමු. අර්ෂස් යනු මාරාන්තික නොවුවත් අප බොහෝ දෙනෙකු පීඩා විදින වේදනාකාරී රෝගයකි.
මා දන්නා තරමට මෙම රෝගයේ මූලාරම්භය වන්නේ කුඩා කල සිටම නිසි වේලාවට වැසිකිළි නොයෑමයි.
මාගේ මව මෙම රෝගයෙන් පිඩා විදි අයුරු මා කුඩා කල සිටම දුටුවෙමි.වැසිකිළි යාමෙන් පසු කොච්චි ගෑවුන ලෙසින් දැවිල්ල ඇතිවේ. එය බොහෝ වේලාවක් පවතී. කලක් යන විට රුධිර වහනය වීමද වේ.
මාගේ මවට සැත්කමක් සිදුකලේ කුරුණෑගල ඉතා පලපුරුදු වෛද්‍යවරයෙකු වන ආබෘ දොස්තර මහතා විසිනි. ඉන්පසු ඇය වසර කිහිපයක් සුවෙන් සිටියාය. වසර 5කට පමණ පසු නැවත රෝගය මතුවිය.
ඉන්පසු ඇයට පිහිටවුයේ අපගේ අල්ලපු ගමේ සිටි වයසක අච්චි අම්මා කෙනෙකි. අම්මා සමග මම ද එහි ගියෙමි. ඇය යම් බෙහෙත් ගුලියක් සාදා රෝගියා ඒ මත වාඩි වීමට සලස්වයි. විනාඩි 5ක් ඒමත සිටිය යුතුවේ. බෙහෙත එපමනකි. මාගේ මවද එමගින් ලැබු සුවය පිලිබද පුදුමය.
දස දහස් ලක්ෂ ගනන් මුදල් වියදමි කර බෙහෙත් කරන රෝගයකට සිංහල වෙදකම එපමනකි. පහත ජායාරූපයේ සිටින්නේ එම ඉසිවරියයි. ඇය ජීවත් වන්නේ කුරුණෑගල , හිරිපිටිය ප්‍රදේශයේ පොන්නිලට ග්‍රාමයේ වැව අසලය.සමහර විට ඇය ද සමග මෙම ප්‍රතිකාර ක්‍රමයද අභාවයට යනු ඇත.
ඹබගේ දැනගැනීම පිණිස මා දන්නා අත් බෙහෙතක් ද සදහන් කරමි. දෙලුම් ලෙලි තම්බා පානය කිරීමෙන් ද සහනයක් ලබාගත හැකිය.




No comments:

Post a Comment