යුක්රේනය රුසියාවටත්, ඇමෙරිකාවටත්, ලෝකයටත් හිසරදයක් වී ඇති බව පෙනේ. ඒ යුක්රේනයේ යානුකොවිච් පාලනය පෙරළා දැමීමත් සමග ඇති වු තත්වයකි. එය ලෝකයේ සමාජවාදයට බර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට එරෙහි ඇමරිකාවේ කුමන්ත්‍රණවල එක් ප්‍රතිඵලකි. නමුත් ක්‍රිමියාව, රුසියාවට එකතුවීමත් සමග ඇමරිකාව නොසිතූ ගැටලුවකට මුහුණ දීමට සිදුවේද?
ආර්.ඩී. 180 රුසියාවේ සුපිරිම නිමැයුමකි.ලොකයේ ඉදිරි අභ්‍යාවකාශ අනාගතය සරු කරවීමට අවශ්‍යවන ටොන් ගණනක් බර රොකට්ටු ඔසවන්නේ මෙම එන්ජිම මගිනි. මෙය රුසියාව සතු අද්විතීය තාක්ෂණික ඥාණය විදහා දක්වන එක් නිෂ්පාදනයක් පමණි.
යුක්රේන අර්බුදය සමග දෙරට අතර අර්බුදකාරී තත්වයක් දී රුසියාව ආර්.ඩී. 180 ඇමරීකාවට ලබාදීම නතරකලහෝත් අප කිසිසේත් නොසිතන දෙයක් ඇමරිකාවට සිදුවේ. එනම් මේවැනි රොකට් එන්ජිමක් ඇමරිකාවට නිපදවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් හා අවුරුදු 5ක කාලයක් ගතවීමයි. එමගින් ආර්.ඩී. 180 හි වටිනාකම ඔබට සිතාගත හැකි වනු ඇත.
කැරොසීන් මිශ්‍ර ද්‍රව ඔක්සිජන් ඉතා අධික පීඩනයක් යටතේ පහලට විද දවා හැරීමෙන් ලබාගන්නා ශක්තිය ආධාරයෙන් රොකට්ටුව ඉතා සමබරව ඉහලට එසවීම මෙම එන්ජිමේ සුවිශේෂත්වයයි.
- රණතුංග
Monday, April 7, 2014
Saturday, January 25, 2014
විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය
ඒ අපූරු රහස් එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස් කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක් මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස් අරවන කෘතියක් බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.
ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.
සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්.
මේ විදියේ එකිනෙකට වෙනස් විවිධාකාර පර්යේෂණ ගණනාවක් තුළින් මිනිස් චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස් කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා.
ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක් නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස් ගණනාවක් ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.
ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස් ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි.
සමන් කළුආරච්චි
ඉරිදා දිවයින 26-01-2014
Saturday, January 18, 2014
අපිට අපේ දේ නොවටින්නේ ඇයි ?
මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි යන ගීතය ඇසෙන විට අපගේ රට ජාතිය පිලිබද සිතට දැනෙන හැගීම කුමක්ද? එය මම නොපසෙමි. මන්ද මට එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි වීමයි. නමුත් මාගේ සිත තුල යම් දුකක් පැල පදියම් වී ඇත. මීට හේතුව බොහෝ පිරිස් දේශීය දේ අමතක කිරීමයි.
විවෘත ආර්ථිකයත් සමග අපේ රටේ මිනිසුන් අපට අවශ්‍ය දේට වඩා අවශ්‍ය නොවන දේට වඩාත් සමීප විය. ඒ හේතුවෙන් ඇති වු අයහපත් බලපෑම් රාශියකි. එයින් වඩාත් බලපෑම් ඇති කල එක් ක්ෂේත්‍රයක් වනුයේ අපටගේ දේශීය අහාර රටාවයි. අප අපගේ දේශීය අහාර රටාව වෙනස් කර ගැනීමයි. ලේසි පහසුවෙන් වැඩ කරගැනීමට ගොස් අමාරුවේ වැටුනේ අපිමය.
අපේ කිරිඅම්මා හදපු පොල් සම්බෝලයේ රසට සම්බෝලයක් හදාගන්නට මම කොපමන උත්සහ කලද එය කල නොහැකි විය. ඇය සිදුකල කියාවන් දෙකක් මට කිරීමට මට නොහැක. වියලි මිරිස් ලිපට දමා අගුරු මත පුච්චා ගැනීමට දර ලිපක් සහ මිරිස් ඇඹරීමට ගලක් අපේ ගෙදර අද නැත. ඒ වෙනුවට ඇත්තේ ගෑස් ලිපක් හා බ්ලෙන්ඩරයකි. එසේම ඇය බත් මුට්ටිය ලිපෙන් බාගෙන පොල්කොල වට්ටිය මත බත තුනී කර නිමෙන්නට තබයි. එයද අප සිදුකරන්නේ නැත. එසේම වී තම්බා කොටා ගෙන සහල් ලබා ගන්නේ ද ඉතා සුලු පිරිසකි. වී තම්බා ගැනීමෙන් පසු කෙටීමේදී පොත්ත සමග ඉවත වන පෝෂණයෙන් උසස් සංඝටක සහල් ඇටයට බැද ගැනීම සිදුවන බව අසා ඇත්තෙමි.මෙවැනි තවත් බොහෝ දේ අප විසින් අත්හැර දමා ඇත.
බන්ඩිය චන්ඩි කර ගැනීමටත්, ඕකේ වෙන්නත්, විනාඩි දෙකෙන් කෑම රෙඩි කරගන්නත්, පුතා අම්මාගේ හපනා කරගන්නත් ඇත්තේ පුදුම උන්නදුවකි. පුතාලා දුවලාටත් වඩා උනන්දුවන්නේ අම්මලාය. මෙවැනි අම්මලා ඉන්නකම් අපේ රටේ මිනිසුන්ට වස විකුණන වෙළද සමාගම් සහ බිස්නස් කරන දොස්තරලා ගොඩය. මහජනතාවට හැමදාම රොහල්වල පිහිටය. දිනෙන් දින පිලිකා රෝගය ඉහල යයි. කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග ඉහල යයි. අප තවත් මේ පිලිබද උනන්දු නොවන්නේ මන්ද? අපේ දේ දෙස නොබලා පිට රටින් එන දේ ගැන බලා සිටින්නේ මන්ද?
තිබ්බොටු, තලන බටු, කැකිරි, රටල, පොළොස්, කොස්, නෙලුම් අල, කෙසෙල් මුව, වැව් මාලු මෙන්ම කොල මැල්ලුම් අද අප ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙනි. ප්‍රධන වශයෙන්ම ඇත්තේ සකසා ගැනීමට ඇති කම්මැලි කමයි. ඒ වෙනුවට ජාන වර්ධිත සමබර නොවන මතු පිටින් අලංකාර ආහාර අද අප අනුභව කරමු. මෙවැනි අනර්ඝ ආහාර අප බත් පතෙන් ඉවත් කරන්නේ ඇයි? ආහාර ගැනීමේ අරමණ අපගේ කුසගිනි නිවීම පමණක් නොවේ. ඖෂධ ලෙසද මේවා අප ශරීරයට ඉතා වැදගත්වේ.
මෙහිදී අප රටේ වැඩි දෙනෙක් පරිබොජනය කරන කිරිපිටි ගැන යමක් කිව යුතුමය. අප බීමට ගන්නා රටින් ගෙන්වන කිරිපිටි බොහෝමයක් සිංගප්පූරුවේදී චීනයේ මිලෙන් අඩු පිටි සහ නවසීලන්තය හා ඕස්ටේලියාවේ උසස් පිටි සමග මිශ්‍ර කිරීම සිදුකරයි. එසේ නොකර ඒවා විකිනීම සමාගම්වලට ලාභ නොලැබීයාමට ට හේතුවේ. එබැවින් දේශීයව නිපදවන කිරි පිටි හෝ දියර කිරි පරිබොජනය නීරෝගී බව සදහා ඉතා වැදගත් බව ද සදහන් කල යුතු වේ.
Subscribe to:
Posts (Atom)